පස්වන පියසටහන
මගෙන් සිදුවුන සමාජ සේවය
මිනිසුන්ගෙන් අනේක හිරිහැර ලැබූ සම්පූර්ණයෙන්ම අසරණ,නාදුනන පුද්ගලයෙකු අත් හැර දැමූ වීදි බල්ලෙක් අපේ නිවස ඉදිරිපිට සිටියා,මම ඒ බල්ලාව මගේ සුරතලා ලෙස නිවසට ගෙන Syndi යැයි නම් තැබුවා.මම හමු වූ දවසේ Syndi සම්පූර්ණයෙන්ම අසරණ, හිරිහැර සහ ආහාර හිඟයෙන් මලන අසරණත්වය මැද ජීවත් වෙමින් සිටියා. Syndiගේ රෝම මැලවී ගොස් තිබුණා, Syndiගේ ඇස් දෙකේ සිටියි කෙරෙනුයේ දුක සහ බය . එය මට දැකගන්න බැරි අයුරින් කම්පා සහගත කරුණක් විය.
Syndiගේ අතීතය සම්පූර්ණයෙන්ම හිරිහැර සහ පීඩා වලින් පිරී තිබුණා. මිනිසුන්ගෙන් පිළිගැනීම නොලැබූ Syndi, සෑම දිනයකම ආහාරය, ජලය, ආරක්ෂාව වෙනුවෙන් සටන් කළා. කෙනෙකුගේ මනෝවිඥානික හා ශාරීරික ආරක්ෂාව නැතිව ජීවත් වීමේ වේදනාව Syndiගේ කණුකම්පන වලින් දැකිය හැකි වුණා.
මම සමාජ සේවකයෙකු ලෙස දන්නවා සෑම සත්වයෙකුටම, මනුෂ්‍යයෙකුටම මෙන්ම, ආදරය, ආරක්ෂාව, හා නිරාපේක්ෂ අයිතිවාසිකම් තියෙනවා කියලා. ඒ නිසා මම තීරණය කළේ, Syndiගේ ජීවිතය වෙනස් කරන්න.
Syndiට නව ආරම්භයක් Syndiට මම ආරක්ෂිත නිවසක් ලබා දුන්නා. පළමුව Syndi බියෙන් සිටියා, නමුත් දිනෙන් දින මගේ ආදරය සහ හිතපිටාව Syndiට විශ්වාසයක් උදා කළා.
1)රෝග සහ ගැටලු සඳහා වෛද්‍ය උපකාර ලබා දුන්නා
2)සෞඛ්‍යකර ආහාර, පිරිසිදු ජලය ලබා දුන්නා
3)සෑම දිනකම Syndi සමග සෙල්ලම් කළා.
4)Syndiට නිවසක් සාදා දුන්නා.
5)ඖෂධ සහ අවශ්‍ය එන්නත් ලබා දීම
6)පවුලේ සාමාජිකයෙකු ලෙස ඇතිදැඩි කිරීම
💬 මගේ හැඟීම Syndi මට මිනිසුන්ට සහ සත්වයන්ට එකම වටිනාකමක් ඇති බව මතක් කළා.

Comments
Post a Comment